සරසවි වරම් ලත් සිසුන්ට උනුසුම් සුභ පැතුම්...............

HD_HEADERS.jpeg

දුරාන්තයේ අධ්‍යාපනයේ මිහිරිපල නෙලා ගැනීමට දෑස් දල්වාසිටි කහටගස්දිගිලිය ග්‍රාමයන්හි අවට ගැමි දරුවන්ගෙ සිහිනය මල් පල ගන්වමින් 1917 වර්ශයේදී කහටගස්දිගිලිය සුන්දර ගම්පියසක් වූ පුරාණ ගම හෙවත් ගම්මැද්ද අසල ගොඩනැගිලි දෙකකින්ද සිසුදරුවන් හැත්තෑවකින් හා සිව්දෙනෙකුගෙන් යුත් ඇදිබි කහටගස්දිගිලිය කනිටු විදුහලෙ මුල් නියමුවානන් වූයේ A.ධර්මවර්දන මහතා බව ඉතිහාසයේ සාක්ශි දරයි.

අනතුරුව මෙම විදුපියස කහටගස්දිගිලිය නගර මධ්‍යයේ ස්ථාපනය කරමින් දෑසේ දරුවන් සිප් කිරෙන් නැහැවිමේ  උදාර කාර්යය සිදු වූ අතර 1992.01.10 දින හා කහටගස්දිගිලිය කනිෂ්ඨ විදුහල නගර මධ්‍යයෙන් ඉවත් කර  කොන්වැව මාර්ගය අභියස කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලය ලෙස අභිසෙස් ලබා ස්ථාපනය කර ඇත.වත්මන වනවිට සිසුන් 2000 වඩා පිරිසක් නුවණැස පුබුදුවාලන , 90 වැඩි සෙනෙබර ඇදුරුමඩුල්ලකින් කහටගස්දිහිලිය ජාතික පාසල ලෙස බුහුමන් ලබා විරාජමානව සිටියී...! 

ගුණ නැණ බෙලෙන් යුතු පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ, අනාගතයේ දී ද එවැනි දරු පිරිසක් තිළිණ කිරීමට වෙර දරන ජාතික පාසල් විදුහල් මාතාවනි, ඔබ යෙහෙන් වැජඹේවා.......!

 

පාසල ආරම්භ වූ 1917
පාසල රජයට පවරා ගත් දිනය 1955
 පාසලේ මුල් ගුරුතුමා  A.ධර්මවර්ධන මහතා 
පාසල් වර්ගය 1AB
පාසල් අංකය  01165
සංගණන අංකය  19102
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය  
පාසල පිහිටි පළාත

උතුරු මැද

දිස්ත්‍රික්කය අනුරාධපුර
කලාපය

ගලෙන්බිඳුනුවැව

කොට්ඨාසය

කහටගස්දිගිලිය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කහටගස්දිගිලිය

ග්‍රාම සේවක වසම  
ග්‍රාම සේවා කොට්ඨාස අංකය  
මුළු ශ්‍රේණි ගණන 8
මුළු පන්ති ගණන 42
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන

1653

2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 80
පාසලේ වර්ණය කහ,කොළ