මැදි විදුහල් මව්නි - ඔබ නමදිමු අප හද තුළ පිරි -බැති පෙමිණි

සිප් සත උගනිමු - ගුණදම් සුරකිමු කිතු රැස දස දෙස පතුරමිනි .......//

 

හොඳ පුරවැසියන් බිහිකරවා

රට දැය සමයට සෙත සලසා

දියුණුවේ ජය මග හෙළි කරවා

හෙළ අඹරේ ජය කෙහෙළි නගා

 

 කහටගස්දිගිලිය මැදි විදුහල් මව්නි

සැමදා සැම තැන රජ කරමු

අප එක මවකගේ දරු දැරියෝ වෙමු

සමගිව යුතුකම් ඉටු කරමු

 

සිප්සත උගනිමු- ගුණදම් සුරකිමු

කිතු රැස දස දෙස පතුරමිනි

 

ධීර වීර සිංහලුන්ගේ

සාර භූමි වූ උදාරවත්ත රජ රටේ

අනාගතේ අපේ අතේ

දූ පුතුන් ලෙසින්

අතීතයේ විසු වෙතින්

 

අපිත් සදාදරින් වදිමු පුදමි - අදින මෑණියේ

මැදි විදුහලේ මව්නි ......//