සරසවි වරම් ලත් සිසුන්ට උනුසුම් සුභ පැතුම්...............

HD_HEADERS.jpeg
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරයා හා අදාළ ශිෂ්‍ය නායක නායිකාවන් වගකීම‍ෙන් ක්‍රියාකල යුතු ය. අවසරයකින් තොරව පෙ.ව. 6.30 ට පෙර පාසලට ඇතුළුවීම සපුරා තහනම් වේ.
  • පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමගම සියලුම දරුවන් ගුරු භවතුන් රැස්වීම් පැවැත්වෙන නියමිත ස්ථානවලට පැමිණිය යුතුය.
  • පාසලේ අනන්‍යතාව පිළිබිඹු කරන පාසල් බැජ් එක සාහිතය නිළ ඇඳුම පාසල තුළ නිරතුරු ව දැරිය යුතුය.
  • උදෑසන ආගමික වතාවත් හා ජාතික ගීය පාසල් ගීය වාදනය වන විටත් හවස ඡත්තමානවක ගාථා වාදනය වන විටත් සිසු දරුවන් ගුරු භවතුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රෑදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
  • සියලුම සිසුන් පාසල නිමවන තෙක් තම පන්ති කාමරය තුළම රැදී සිටිය යුතු අතර කිසිදු හේතුවක් නිසා වෙනත් පන්ති කාමරයකට හෝ ඉන් බැහැරව යන්නේ නම් අවසර ලත් කාඩ්පත රෑගෙන බැහැර විය යුතුය.
  • සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
  • කාණ්ඩ විෂයයන් සදහා වෙනත් ස්ථානයකට යනවිට හා නැවත පන්තියට පැමිණෙන විට පේලියට යා යුතුය. එක් එක් විෂයට අදාල සිසුන්ගේ නාමලේඛනයක් විෂය භාර ගුරුවරයා විසින් පවත්වාගනෙ යා යුතු අතර සහභාගී වූ /නොවූ බව සටහන්කොට විෂය නායකයා/නායිකාව මගින් පන්තිභාර ගුරුවරයා වෙත යැවිය යුතුය. අවසාන කාලච්ඡේදයේ කාණ්ඩ විෂයයන් සදහා පිටත්ව යන්නේ නම් එම ස්ථානවල සිටම ගාථා ගායනා කොට පාසලෙන් බැහැර විය යුතුය.
  • දරුවන්ට මතුවන ඕනෑම ගැටළුවක් ප්‍රථමයෙන් පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතුය. අදාල ගුරුවරයා නොමැති අවස්ථාවක පමණක් අංශ භාර හෝ විෂය භාර ගුරුවරයාට දැන්විය යුතුය.
  • පන්තිභාර ගුරුවරයා විසින් තම සිසුන් සදහා පෙර වැරදි පොතක් භාවිත කළ යුතුය. වැරදි තුනකට වඩා සටහන් වන අවස්ථාවක දී අංශභාර ගුරුවරයා වෙත යොමු කළ යුතුය. වර්ෂ අවසානයේ එම පොත ඊළග පන්තිභාර ගුරුවරයාට භාරදිය යුතුය. සහතික සහා ශිෂ්‍යනායක/නායිකා තෝරා පත් කිරිමේදි එම පොත පරීක්ෂා කරනු ලැබේ.කිසියම් ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක පාසලේ විනය කඩ කිරීමකට ලක් වුවහොත් විනය මණ්ඩලය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට බැඳී සිටී.පාසලේ 6-13 දක්වා සියලුම අංශ සඳහා 'විනය පොතක් ' පොතක් පවත්වාගෙන යනු ලබන අතර එයට අදාළ උපශිර්ෂයටතේ දඩුවම් හා ප්‍රතිශෝධන කටයුතු සිදු කෙරේ.
  • පාසල් වේලාව තුල කවර හෝ බාහිර අයෙකු සමග සබදතා පැවැත්වීම සපුරා තහනම් වේ.
  • පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප , ලිපි, ජංගම දුරකථන, සංයුක්ත තැටි වෙනත් විද්‍යුත් මෘදුකාංග හා උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ. එබදු දෑ ළග තබාගෙන අසුවුවහොත් පාසලෙන් නිල වශයෙන් අස්වී යනතුරු ආපසු ලබා දෙනු නොලැබේ.
  • පාසල් අධ්‍යයන කාලය තුල අවසරයකින් තොරව කිසිදු බාහිර කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ. ක්‍රීඩා ඇදුම් සහිතව ක්‍රීඩා පිටියේ හැර වෙනත් කිසිදු ස්ථානයක රුදී නොසිටිය යුතුය.
  • විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
  • පාසලේ හා පන්තිකාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතුය. ඉදල් කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයේ ගෙනවිත් තැබිය යුතුය. මේ පිළිබද සොයා බැලීම පන්තිභාර ගුරුතුමාගේ පන්ති නායක නායිකාවන්ගේ අදාල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ ද වගකීමකි.දරුවෙකු දින දෙකකට වඩා පාසලට නොපැමිණෙන්නේ නම් දෙමාපියන් විසින් පන්තිභාර ගුරුතුමාව දැනුවත් කළ යුතුය. දින තුනක් ඉක්මවා නොපැමිණෙන්නේ නම් එයට අදාළ හේතු දක්වමින් ලිඛිතව භාරකරු විසින් පන්තිභාර ගුරුතුමා වෙත දරුවා භාරදීමට ක්‍රියා කළ යුතුය.
  • පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.
  •